හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත .

පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වරයාට අයත් බව කියන නිවසේ තිබී ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත කරන ලද අංක යටතේ මෙම වාහන ලියාපදිංචි කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *