හෑෂ් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහයි ග්‍රෑම් දෙසිය දොළහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදුකර තිබුණි.

වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ මහමඟ සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටියදී ලද තොරතුරකට අනුව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී සැකකටයුතු පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඈෂ් මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණය වීමත් සමග එය කිරා මැන බැලීමේදී ඒ තුළ කිලෝ 12 ග්‍රෑම් 212 තිබූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කළ ද නිවසෙ තිබී සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *