සජිත් ඉන්දීය මුදල් ඇමැතිනිය හමුවේ

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණ. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණ. මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගය කරමින් සිය කතාව ආරම්භ කර ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව සම්බන්ධ වීමෙන් මෙම ශක්තීන් ගොඩනැගීමේ වැදගත්කම සඳහන් කළාය.

එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව ද අවධාරණය කළේය.

එසේම 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටි අතර තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *