හැටන්, දික්ඔය එකම පවුලේ දස දෙනෙකුට කොරෝනා

හැටන්, දික්ඔය නගර සීමාවේ සිදුකළ පී සී ආර් පරීක්‍ෂණයකින් එකම පවුලේ දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හදුනාගෙන තිබේ.

ඔවුන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් වූ ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර සිටි බව වාර්තා වේ.

ආසාදිතයින් හමුවූ ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශ විෂබීජහරණය කිරීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *