“හැකි නම් පොළට ගිහින් ආර්ථිකය දියුණු වෙලා යැයි කියන්න” – මන්ත්‍රී චමින්ද විජේසිරි

රටේ ආර්ථිකය දියුණු වෙලා තියෙනවා යැයි හැකිනම් පොළට ගිහින් කියන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ඔබතුමාලට ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්. හැබැයි ඔය කතා පොලේ ගිහින් කියන්න.ඔය ආර්ථික වර්ධනය පුංචි මිනිහගේ සාක්කුවට දැනිලා නෑ. ඔයගොල්ලෝ කතාවෙන් මාධ්‍යයෙන් ආර්ථිකය නඟා සිටෙව්වට මහා දුක් විඳින මිනිහට කිසිම දෙයක් ඉටුවෙලා නැහැ.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියේ පළමු අය වැයෙන්ම ළදරු ආහාර වලට බෙහෙත් වලට පොතපතට වැට් බඳු ඉවත් කරනවා කියලා කිව්වා. ඉතින් එහෙම අඩු කළාද කියලා කියන්නකෝ.අසරණ ගොවියාට කම්කරුවාට දැනෙන වැඩපිළිවෙළක් හදන්නේ කවදාද කියලා කියන්න.ඔබලා යන්නේ පහුගිය ආණ්ඩු ගිය සුපුරුදු ගමනම තමයි යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *