‘හරක් කට’ පලායාමේ උත්සාහය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී CIDයෙන් ඉවත් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) පොලිස්පතිවරයා විසින් වහාම ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිට පලායාමේ අසාර්ථක උත්සාහයට ඔහු ආධාර අනුබල දී ඇතැයි යන සැකය මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරුවන් හමුවීමට රාත්‍රී ගිය සහකාර පොලිස් අධිකාරීවරයා අවස්ථා කිහිපයකදී හරක් කටේ සිද්ධියට අදාළ කරුණු සාකච්ඡා කර ඇති බව අනාවරණය විය.

‘හරක් කට’ සිද්ධියට අදාළ නඩුව තමාට භාර දෙන ලෙස ඉහත කී සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

මෙම හේතුන් මත සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *