හරක් කටාගේ පෙත්සම ගැන තීරණයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගෙන් රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 15 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ව රදවාගෙන සිටින රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් සැකකරු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊට එරෙහිව මූලික විරෝධතා මතු කළේය.

පෙත්සම්කරුට එරෙහිව මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, ඇතුළු මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ නඩු විසි තුනක් පමණ අධිකරණවල පවතින බවත් ඔහු පෙන්වා දුනි.

එම කරුණු පෙත්සම තුළින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඒ අනුව ඔහු පිරිසිදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති බව කියා සිටියේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය ප්‍රකාශයට පත්කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *