හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පැවසීය.
මේ හේතුවෙන් සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.
රට හැර ගිය වෛද්‍යවරයා අධ්‍යාපනය සඳහා ද නොඑසේ නම් ස්ථිර පදිංචිය සඳහා රට හැර ගොස් ඇති ද යන්න විමසීමේ දී අධ්‍යක්ෂවරයා පැවසුවේ, එවැන්නක් තවම තමා දැනුම්වත් වී නොමැති බවය.
කෙසේවෙතත් අනිවාර්‍ය සැත්කම් සඳහා රෝගීන් වෙනත් රෝහලකට යැවීමට සිදුවන බවත් සාමාන්‍ය සැත්කම් සිදුකිරීම අර්බුදයකට මුහුණ පා ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.