ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව රුපියල් ලක්ෂ 06ක් වටිනා පුටුවක් මිලදී ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
තමා අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව කිසිදු අයුරකින් නව කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කළ නොමැති අතර අදාළ පුවත සහ ප්‍රකාශය දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකින බව විමල් වීරවංශ අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.