හඳුන්නෙත්තිට දුඹුරු සීනි පියා නාමය

දුඹුරු සීනි සහ උක් සීනි ආශ්‍රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා   දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය  සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට තමා කැමති යැයිද   අමාත්‍යවරයා කීය.

දුඹුරු සීනි ප්‍රචලිත කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවූ බවද  ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *