හදිසි කාලගුණ විපර්යාස නිසා ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් – ඇමැති මහින්ද අමරවීර

හදිසි කාලගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව ආහාර හිඟයකට මුහුණ දී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අනතුරු ඇඟවීය.

“පසුගිය දින කිහිපයේ පැවති දැඩි නියඟය හේතුවෙන් වී වගාව අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර මේ වන විට පළාත් කිහිපයකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අස්වනු නෙලීමට නියමිතව තිබූ වී වගා අක්කර සිය ගණනක්ද විනාශ වී තිබෙනවා. ” ඇමතිවරයා පැවසීය.

“පහළරටේ එළවළු භෝග වර්ෂාවෙන් විනාශ වී තිබෙනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ මුං අක්කර 15,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.රටේ මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාවෙන් ලබාගත හැකියි. ,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එබැවින් මෙම කන්නය සඳහා ගෙවතුවල එළවළු වගා කිරීම සඳහා සැලැස්මක් සහ ආහාර බෝග සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ආහාර භෝග හානි සම්බන්ධයෙන් වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කඩිනමින් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *