සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.
“ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් සෞඛ්‍ය ඇමැති ධුර දැරූ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුස්, තිස්ස අත්තනායක, පවිත්‍රා වන්නිආරච්චි, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්ම මහත්මීන් පසුගිය කාලයේ අමාත්‍යධුර දැරූ අය. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යධුර දැරූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සීතා අරඹේපොළ වැනි මන්ත්‍රීවරුන් සමඟද ඔහු කතා කළ යුතුයි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර වත්මන් සෞඛ්‍ය අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි” සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
“ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මේ මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගැන සාකච්ඡා කරනවා නම් ප්‍රයෝජනවත් වේවි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියකට එකඟ වීමට සමත් වී ඇති අතර සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සඳහා එකඟ වීමට නොහැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවට එක්වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැඩි ලෙස පහර දෙමින් කියා සිටියේ හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදුකර ඇති මිල ගණන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා හෙළිකළ යුතු බවයි.
“අපිට තේරෙනවා හදිසි ඖෂධ ප්‍රසම්පාදනය කරන්නේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා බව. කෙසේ වෙතත් හදිසි ප්‍රසම්පාදනය කිරීමේදී ඖෂධ සඳහා කොපමණ මුදලක් ගෙවා ඇත්ද යන්න ජනතාවට දැන ගැනීමට හැකි වන පරිදි මිල ගණන් ද හෙළි කළ යුතු බව ඔහු පැවසීය.