සුළි කුණාටුව තවම අවසන් නෑ

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම සුළි කුණාටුව දිවයිනෙ නැගෙනහිට වෙරළට ආසන්නව උතුරු සහ වයඹ දෙසට ඉතා සෙවමින් ගමන් කර අද දින එය සුළි කුණාටුවක් දක්වා තවත් වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර  උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඉතා තද වැසි සහ තළ සුළං බලාපොරොත්තු වේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 තද වැසි ඇති වේ.  දිවයිනේ සෙසු ප්‍රදේශවලට වරින් වර වැසි ඇති වේ.  කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *