සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් යොදාගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ බව පැවසීය.
තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
“කුසල් මෙන්ඩිස් අනිවාර්යයෙන්ම ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරනවා. නිරෝෂන් දික්වැල්ලව ගෙනල්ලා තියෙනවා කවුරු හරි ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුණොත් හරි කොවිඩ් ආසාදනය වුණොත් හරි සෙල්ලම් කරන්න. කඩුලු රකින්න දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ඉන්නවා. කවුද කියලා අද දවස තුළ තීරණයක් ගන්නවා.”