LK reports news sinhala

දුමින්ද බත්තරමුල්ලෙන් රාජගිරියට යාම සබීතාට හරහට හිටී

රාජගිරියේ ඩී.පී.ජේ ටවර්ස් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ලබාගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණයට සාක්කි ලබාගැනීම සඳහා සිනමා නිළි සබීතා පෙරේරාට අද (01දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ ලේකම්වරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත.

ඞී. පී. ජේ. ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ලබාගැනීමේදී, එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් වෙනුවෙන් අදාළ ගිවිසුමට සබීතා පෙරේරා සහ ඇයගේ සැමියා අත්සන් තබා ඇත.

එම ගනුදෙනුවේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එවකට කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක ද පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය. කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර තිබූ බත්තරමුල්ල ගොවිජන මන්දිරයෙන් එය ඉවත් කර සබීතා පෙරේරා හා ඇගේ සැමියාට අයත් රාජගිරිය ඩී.පී.ජේ ටවර් වෙත ගෙන ගිය අතර එවකට ඇමැති දුමින්ද දිසානායක සබීතාගේ පවුලට ඇති සිය පෞද්ගලික හිතවත්කම මත එසේ ගෙන ගිය බවට මාධ්‍ය වාර්තා පළවිණි. එම ගොඩනැගිල්ලට මාසික කුලිය රුපියල් කෝටි 2කටද වැඩි බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *