සිංගප්පූරු ගුවන් සේවය ගමන් වාර වැඩි කරයි

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර වසර 52 ක් 2026 වසර වනවිට සපුරා  ඇති සිංගප්පූරු ගුවන් සේවය   සතියකට දින 03 ක් , දහවල් කාළයේත් තවත් එක් ගුවන් ගමන් වාරයක් ද ආරම්භ කළ බව සිංගප්පූරු ගුවන් සේවයේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

මේ වනතෙක් සතියේ දින හතේම දිනපතා සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට රාත්‍රී 11.30 ට නවීනතම බෝයිං – 787 – 10 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත්  මීට අමතරව අද (6) සිට සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින 03 තුළ ද  උදෑසන 10.45 ට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් තොටුපොළ වෙත ඒ.- 350 – 900 විශාලතම මගී ගුවන් යානයක් සේවයේ යොදවා තිබේ .

ඒ අනුව දහවල් කාළයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය ලෙස සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 463 දරන ගුවන් යානය අද දින උදෑසන 10.45 ට ගුවන් මගීන් 210 ක්, ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 12 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව එම ගුවන් යානය පස්වරු 12.45 ට ගුවන් මගීන් 276 ක් , ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 14 ක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේය .

මෙම සිංගප්පූරු ගුවන් සේවය එළඹෙන මැයි මාසයේ සිට සතියේ දින හතේම , දිනපතා ගුවන් යානා දෙක බැගින්  දහවල් සහ රාත්‍රී කාළයේ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *