“සැමට ඉඩම්” වැඩසටහන ආරම්භ වේ.

තමන්ගේම ඉඩම් සහ නිවාස සඳහා ඔප්පු නොමැති මිලියන සංඛ්‍යාත ජනතාවට නීත්‍යානුකූලව ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

‘සැමට ඉඩම්’ වැඩසටහන යටතේ ඉඩම් නොමැති පවුල් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම වැඩසටහන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය නොමැති දිවයිනේ සියලුම පුද්ගලයින්ට ඉඩම් අයිතිය ලබාදීමේ පළමු පියවර අද සිට ඔප්පු ලබාදීම බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් අහිමි වූවන්ට නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකම ඉඩම් හිමිකරුවන්ට ඔප්පු 1000ත් 3000ත් අතර ප්‍රමාණයක් ලබාදීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහනට සමගාමීව පුත්තලම සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අද සිදුකෙරුණා.

හිමිකම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කළ මෙම අවස්ථාවට කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සහ ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් සහ ඔප්පු හිමියන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *