මේ වසරේදි පැවැත්වීමට නියමිත උසස් පෙළ, 5 ශ්‍රේණිය ශීෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, යන විභාගයන් කිසිදු කල් දැමීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා පවසනවා.
ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ. විභාග කාල සටහන පහතින් දැක්වේ. 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ. අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ