මාර්තු මාසයේ පළමු වැනිදා සිට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඒ අනුව ජූලි මාසය වන විට උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර සිටින්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේ රටේ දූ දරුවන්ගේ කාලය අපතේ නොයවා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම රජයේ ප්‍රධාන අරමුණ වන බවයි.
ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.