ස්වාමි ඉන්දීය හමුදාව සමඟ රාජපක්ෂලා බේරා ගැනීමට ක්‍රියා කරයි.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව යැවීමට යෝජනා කර තිබේ.

“ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් විය. එවැනි නීත්‍යානුකූල මැතිවරණයක් පෙරළා දැමීමට ඉන්දියාව මැර පිරිසකට ඉඩ දෙන්නේ කෙසේද? ඔහු ට්විටර් ඔස්සේ ප්‍රශ්න කළේය.

“එවිට අපේ අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත නොවනු ඇත. රාජපක්‍ෂට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි දිය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

සුබ්‍රමනියම් ස්වාමි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම මිතුරෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *