ස්ත්‍රී දූෂණ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු ගාලු මුවදොර විරෝධතා භූමියේ සැඟවී සිටියදී අත්අඩංගුවට…

රන්තපුර මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරු ගාලුමුවදොර විරෝධතාවයේ සැඟවී සිටියදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය පැවසුවේ, නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළ බව ය.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු මාස 2ක පමණ කාලයක සිට ගාලුමුවදොර විරෝධතා බිමේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු ජූලි 12 වැනිදා රත්නපුර මහාධිකරණයට ඉදිරිපත් කර ජූලි 22 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *