නියඟය හේතුවෙන් අක්කර 75,000ක පමණ ගොවිබිම් විනාශ වී තිබුණ ද නියඟය නොමැති පළාත්වල අස්වැන්න ඉතා ඉහළ බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, අද වනවිට වී වගා කරන ලද අක්කර 53,774කට හානි වී ඇති බවයි.
සෙසු බෝග හානි සිදුවූ භූමි ප්‍රමාණය අක්කර 445ක් බව සඳහන්ය.
ඔහු මේ බව කියා සිටියේ “නවීකරණය” යන තේමාව යටතේ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සංසදයකට එක්වෙමින්.