සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය  ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු වේ.

එමෙන්ම මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකු අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *