ගම්පහ ගංවතුරට හේතුව සොයයි

ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු හා ඒ සම්බන්ධයෙන් ගත යුතු දිගුකාලීන පිළියම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා  සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

එම වාර්තාව සකස් කර මෙම මස 30 වන දිනට පෙර තමාට ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇත.

පසුගිය මස මැද භාගයේ සහ මෙම මස මුල් සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

අනවසර ඉදිකිරීම්, අනවසර පදිංචිවීම් හේතුවෙන් ඇළ මාර්ගවලින් ජලය බැසයාමට බාධා පවතිනවා ද යන්න සම්බන්ධයෙන් ද සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වැඩිදුරටත් නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *