සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බවයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමඟ එක්ව, දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසඳුම් සෙවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ ඊයේ දින පස්වරුවේ මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *