ඉල්ලා අස්වූ ජයම්පති වික්රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයට සඳහා සමන් රත්නප්රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.
ජයම්පති වික්රමරත්න මහතා පසුගියදා සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාළ පුරප්පාඩුව සඳහා පක්ෂයේ ලේකම්වරයා විසින් සමන් රත්නප්රිය මහතාගේ නම යෝජනා කරනු ලැබිණි.
ඒ අනුව අට වන පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු ලෙස සමන් රත්නප්රිය මහතා තෝරාපත් කරගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.