සමන් දේවාලයේ නව බස්නායක නිලමේ හිෂාන් සංඛ

සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා පැවති නිලවරණයේදී වැඩි ඡන්දයෙන් තේරීපත්විය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ  මෙම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම නිලවරණයට ප්‍රාදේශීය ලේකම්වරු නව දෙනකු බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා, උග්ගල් අලුත්නුවර සහ අම්මඩුව කුඩා කගරගම දේවාල දෙකේ තාවකාලික භාරකාරුවන් දෙදෙනා ඇතුලු දොළොස් දෙනකුට නව නිලමේවරයා තෝරාපත් කරගැනීමේ ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාව  හිමිව තිබුණි.

අයදුම්කරුවන් කොතෙක් සිටියත් නම් යෝජනා කළයුතු වූයේ ඡන්දය හිමි කෙනෙකුය. ඒ අනුව මේ අය අතරින්  යෝජනා ස්ථිර වුයේ හිෂාන් සංඛ මාපිටිගම මහතාගේ සහ චන්ද්‍ර කුමාර සිරි ජයසිංහ යන මහත්වරු දෙදෙනාගේ පමණි. නාම යෝජනා සම්බන්ධයෙන් නිතීඥවරු විරෝධතා ද ඉදිරිපත් කරන ලදී.

ඡන්දය හිමි කුරුවිට ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ සිටියේ නැත. ඒ අනුව එකොළොස් දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලැබූහ.  යෝජනා දෙක සදහා රහස් ඡන්දයක් විමසනු ලැබීය. එම ඡන්ද විමසීම අනුව හිෂාන් සංඛ මාපිටිගම මහතා නව බස්නායක නිළමේ ධූරය සදහා තේරිපත්ව ඇති බව නිවේදනය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *