සභානායක බිමල් රත්නායක මහතාගේ ආසනයේ ඔහු නොසිටි අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන් ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කතා කරමින් සිටියදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ජයතිස්ස මහතාගේ ආසනය අසල පිහිටි සභානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන ජයතිස්ස මහතාගේ කතාවට සවන් දෙමින් සිටියේය.
මේ අවස්ථාවේ නැගී සිටි සංවිධ ජන බලවේගයේ මන්ත්‍රී අජිත් බී පෙරේරා මහතා පැවසුවේ සභානායකවරයාගේ ආසනයේ සභා නායකවරයා නොවන පුද්ගලයකු අසුන්ගෙන සිටින බවයි. එය සුදුසු නැති බවත් සම්ප්‍රදාය නොවන බවත් මන්ත්‍රීවරයා කීය. සමහර විට නොදන්නාකම නිසා දෙන්න ඇති යයිද ප්‍රකාශ කළේය.
අවස්ථාවේදී ඒ ස්ථානයෙන් ඉවත් වීමට සැරසුණු ආනන්ද විජේපාල මහතා දෙස හැරී පිටට තට්ටුවක් දමමින් ” ආ හරි හරි” යනුවෙන් පැවසුවේය. විජයපාල මහතා නොපමාව ඉන් පිටව ගියේය.