සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ 03ක වෙනසක්

සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ 03ක ලේකම්වරුන්ගේ විෂය පථය වෙනස් කිරීමට පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව එම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදුවිය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළ චාමර බමුණුආරච්චි මහතා සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කෙරුණි.

සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සංජීව ගොඩැල්ලවත්ත මහතා පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වී තිබේ.

සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සුජානි විජේතුංග මහත්මිය සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක, ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙසද මෙලෙස විෂය පථය වෙනස් කිරීම සිදුකර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *