සන්ෂයින් සුද්දා ගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගනී

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ප්‍රසංග හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ දහවල් කාලයේදී අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.

ඔහු, වයස අවුරුදු 38ක් වූ මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

‘සන්ෂයින් සුද්දා’ ඉකුත් 03 වනදා දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටවිල, වරකාපිටිය පාසල අසලදී  වෙඩිතබා ඝාතනයකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *