සනත් ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති ලෙස නම් කරයි.

ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කිරීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.

නව සංචාරක උපදේශක මණ්ඩලය සමඟ පත්වීම ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ උත්සවයක් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.

සනත් ජයසූරිය ලොව පුරා අතිශයින් ජනප්‍රිය වන අතර විශේෂයෙන්ම ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට ඔහු එකඟ වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *