සනත් නිශාන්තගේ ජංගම දුරකථනය CIDයට භාර දෙන ලෙසට නියෝග…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක සහ පක්ෂයට හිතවත් ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසට නියෝග කර තිබේ.

2022 මැයි 09 වන දින කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් කොළඹ ගාලුමුවදොර පිටියේදී සාමකාමී රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී අවධානයට ලක්වූ ප්‍රධාන චරිත වේ.

රට පුරා මහත් නොසන්සුන්තාවයක් ඇති කළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *