ලංකා සතොස ට ගෙන ආ සුදු ලූනු කන්ටේනර් 2ක් කොළඹ වරායෙන් නීතිවිරෝධී ලෙස මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
එසේ නීතිවිරෝධී ලෙස කොළඹ වාරයෙන් මුදාගෙන තිබූ කන්ටේනර් දෙකෙහි සුදු ලූනු කිලෝ 54,000ක් තිබූ බව වාර්තා වෙයි.
මෙම කන්ටේනර් දෙක කෙරවලපිටිය ප්රදේශයෙන් සොයාගෙන තිබුණි.