රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් ජනතාවට අලෙවි කිරීමට නිකුත් කර තිබු ග්‍රෑම් 100 දේශීය තේ කොළ පැකට් තොගයක් සතොස වෙළෙඳසල්වලට බෙදා නොදී රෙදි සෝදන සබන් සමඟ ගබඩා කර තිබියදී බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයේදී ඊයේ (17) දිනයේ සොයා ගෙන තිබේ.
මෙම තේ කොළ තොගය සොයා ගැනුනේ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ගබඩා සංකීර්ණයේ ඊයේ (17) සිදු කළ හදිසි නිරීක්ෂණයකදීය.
එහිදී අමාත්‍යවරයා නියෝග කර සිටියේ ජනතාවට සහන නොදී කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරිම සම්බන්ධයෙන් අදාළ තොග ගබඩා සංකීර්ණයේ ගබඩා කළමනාකරුගේ වැඩ තහනම් කර විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සියල්ලන්ටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි.