සජිත් රනිල් විරසකය එළිපිටම… ප්‍රතිපත්ති ප්‍රකාශණය ගැන කතාවත් කපලා…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන උත්සවයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ කථාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉවත් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද(04) මහනුවර පැවති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසීය.

“ඔයාලට මම රහසක් කියන්නම්. එදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මාධ්‍යට නිකුත් කරන වෙලාවේ කථා හතරක් තිබුණා. එකක් තමයි සජිත් ප්‍රේමදාස, දෙවැනි එක තමයි කිරිඇල්ල, තුන්වෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ, හතර වෙනි එක තමයි වික්ටර් අයිවන්.

මෙයත් එක්ක කොයිතරම් තරහද කිව්වොත් සජිත් ප්‍රේමදාස පෑන අරගෙන රනිල් වික්‍රමසිංහගේ නම කපලා දැම්මා. රනිල් වික්‍රමසිංහ කථා කළේ නෑ. ඉතින් මේක විහිලුවක් නෙමෙයිද?

අගමැති හැටියට පත්කරන පුද්ගලයාගේ නම පෑන අරගෙන ජනාධිපති වෙන්න ඕනේ කියලා කපලා දානවා. මේවද දේශපාලන සදාචාරය? මේවද දේශපාලන අවංකභාවය?  මේ වගේ අයද ඡන්දය ඉල්ලන්නේ?

කිරිඇල්ලට කථාවක් දුන්න පුද්ගලයා රනිල් වික්‍රමසිංහට කථාවක් දෙන්න බෑ කිව්වාම කොහොමද වැඩේ? අපේ ඇස් මනාපිට පේනවා මේ දෙන්නාට වැඩ කරන්න බෑ කියලා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *