සජිත් මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා කොළඹදී මුණ ගැසුණි.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව පැවසීය.

එම යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඕස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *