සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් පිටව යති

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ බව පවසයි.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ ඊයේ (03) පැවැති පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ ඒ පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවය.

අද පාර්ලිමෙන්තුව රැස්වු අවස්තාවේදීත් ඒ පිළිබඳව යළිත් කතාබහක් මතුවී තිබුණි.

විපක්ෂය චෝදනා කරන්නේ ඊයේ විපක්ෂයට කාලය අහිමිවීමක් සිදුවූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *