තරග පාවාදීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.
හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක පසුගිය සැප්තැම්බර් 6 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය පිටුදැකීමේ අරමුණින් ක්‍රියාත්මක වන නීතියක් යටතේ තරග පාවාදීමේ චෝදනා මතයි.