සංස්ථා ලුණු මිල පහළට

අයඩින් මිශ්‍ර ලක් ලුණු ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝ ග්‍රෑමයේ කැටලුණු පැකට්ටුවක් රුපියල් තිහකින් පහළ හෙලීමට කටයුතු කර ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කළේය.

පසුගිය දිනවලදී 400g ක මේස ලුණු පැකට්ටුවක් රුපියල් 120 කට අලෙවූ වූ අතර එය රුපියල් 100ක් දක්වාත් කිලෝග්‍රෑම් එකක කැටලුණු පැකට්ටුවක් එකසිය අසූවට අලෙවූ අතර හෙට සිට රුපියල් 150 ක මිලකට ලබා ගැනීමට හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සතොස හරහා අලෙවි කිරීමට ග්‍රෑම් 400ක විශේෂිත ලුණු පැකට්ටුවක් හඳුන්වා දී ඇති අතර සතොස මගින් එම ලුණු පැකට්ටුව රුපියල් අනූවක මුදලට ලබා ගැනීමට හැකි බවද ඔහු කීය.

හම්බන්තොට මහලේවාය බූන්දල ලේවාය සහ පලටුපාන ලේවා යන ලේවා ත්‍රිත්වය මේ වන විට යල් කන්නේ ලුණු නෙළීම ආරම්භ කර ඇති බැවින් පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමේ අරමුණෙන් ලුණු මිල පහළ හෙළීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *