ඒ අනුව පොලිස්පතිවරයා විසින් එම ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සේවාවන් පවත්වාගෙන යාම සදහා මෙලෙස උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ඒ පිළිබද උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න සදහන් කළේ,
සියළුම බැංකු ශාඛා හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් එක් ශාඛාවක වරකට සේවකයන් 15 ක උපරිමයකට යටත්ව සේවය සදහා කැදවිය යුතු බවයි.
වරකට කැඳවන සේවකයින් පිළිබදව අදාළ ශාඛා කළමනාකරුවන් විසින් තීරණය කර එම ලැයිස්තුව අදාළ පොලිස් ස්ථානය වෙත භාර දිය යුතුද වේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් එම ලැයිස්තුවේ නම් සදහන් කාර්ය මණ්ඩලයට පමණක් අනන්‍යතාවය පිළිබද සෑහීමකට පත්වීමෙන් පසු ගමන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
ගණුදෙනුකරුවන් සදහා බැංකු විවෘත නොවන අතර සංචරණ සීමා පනවා ඇති කාලය තුලදි අභ්‍යන්තර කටයුතු සදහා පමණක් අවසර ලබාදී ඇති බව එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් සදහන්ය.