සංක්‍රමණික සේවක යෝජනා ක්‍රමය යටතේ නීතිවිරෝධී ලෙස විද්‍යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

විදේශගත ශ්‍රමිකයින් සඳහා වන විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට සැක කෙරෙන වාහන හතක් රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

විගමණික සේවකයන්ට විදුලි වාහන ගෙන්වීම සඳහා තිබූ පහසුකම අවභාවිත කරමින් විදුලි වාහන 119ක් ගෙන්වා ඇති බව වාර්තා විය.”අදාළ අවසරය ලැබුණු දින සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා වාහන 119ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර ඉන් 75ක් ගෙන්වා ඇත්තේ එකම සමාගම, ”රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම නීතිවිරෝධී ක්‍රියාව හේතුවෙන් දළ වශයෙන් රුපියල් බිලියන 35ක පමණ රාජ්‍ය ආදායමක් අහිමි වී ඇතැයි ගණන් බලා තිබේ.

නීතිවිරෝධී ලෙස අලෙවි කළ බවට සැක කෙරෙන වාහන සොයා ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අවතක්සේරු කිරීම, අයථා පරිහරණය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීම සහ අදාළ වාහන විදේශීය ශ්‍රමිකයන්ගේ මුදලින් සත්‍ය වශයෙන්ම මිලදී ගෙන තිබේද යන්න තහවුරු කිරීම යන ප්‍රධාන අංශ හතරක් කෙරෙහි මෙම විමර්ශනවල දී අවධානය යොමු කරන බව සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *