ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ හංගේරියාවට පැමිණ තිබේ.
ඒ, උන්වහන්සේගේ මධ්‍යම යුරෝපානු සංචාරය ආරම්භ කරමිනි.
එම සංචාරයේදී හංගේරියාවේ මෙන්ම ස්ලෝවැකියාවට පැමිණීමට නියමිතය. ඒ අනුව ඊයේ හංගේරියාවට පැමිණි උන්වහන්සේ පැය 07 ක වැනි කෙටි කාලයක් එරට බුඩාපස්ට් නුවර රැඳී සිට තිබුණි.
ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ හංගේරියාවෙන් පිටත් වූ ශුද්ධෝත්තම අතිඋතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්ලෝවැකියාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා පැවසයි.
උන්වහන්සේ ස්ලෝවැකියාවේ දින 04 ක් රැඳී සිටීමට නියමිත බව ද වාර්තා වේ.