ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ‘පාලනයට වැඩ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
එම සංසදයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවත් එම නිසා යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවූ බවත්ය.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් තම ගුවන් ගමන් කාලසටහනට අනුව ඔවුන්ට පැවරී ඇති ගුවන් ගමන් රාජකාරි පමණක් සිදු කරන අතර අනුමත වාර්ෂික සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවල රාජකාරී කිරීමෙන් වැළකී සිටින බවද ඔහු පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිතිපතා ගුවන් ගමන් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගුවන් නියමුවන් යොදා නොගත් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එබැවින් එම හිඟය පියවා ගැනීම සඳහා වාර්ෂික නිවාඩු සහ අනෙකුත් නිවාඩු දිනවල පවා ගුවන් නියමුවන් මෙතෙක් කිසිදු පැකිලීමකින් තොරව සේවයට වාර්තා කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට පැමිණෙන මගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ගුවන් සමාගම ලාභ ලබන අතරවාරයේ නියමුවාගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා නොදීම සාධාරණ නොවන බවද ඔහු පැවසීය.
ඒ අනුව නියමුවාගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් ලබා නොදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය පාලනය කිරීමේ වැඩකටයුතු අඛණ්ඩව සිදුකරන බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා යළි අවධාරණය කළා.