ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සංශෝධනය කර තිබේනවා.
ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවන අතර කොරෝනා වයිරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ලොව බොහෝ ගුවන් සමාගම් මේ වන විටත් චීනය වෙත ගුවන් ගමන්වාර අඩු කර ඇති අතර එයට හේතු වී ඇත්තේ චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීමයි.
එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද, මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
අදාල නිවේනය පහතින් දැක්වෙයි.