හේමසිරි සහ පූජිත් ඇප මත මුදාහැරේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

එමෙන්ම එම ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම චෝදනා සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවත් කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නියම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *