ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රෆා පිවිසුම පසුකරයි

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ගාසා – ඊජීප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම පසු කර තිබේ.

ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින්ට එම ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා අවසර හිමිව තිබුණි.

කෙසේවෙතත් ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාගෙන් සිව්දෙනෙකුට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් රැඳී සිටින ස්ථානයෙන් ඉවත්වීම දුෂ්කර වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව සෙසු ශ්‍රී ලාංකිකයින් 13 දෙනා මෙලෙස රෆා පිවිසුම වෙත පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ මහතා  සඳහන් කළේය.

තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට රෆා පිවිසුම සහ ඊජීප්තු දේශ සීමාව අතර ප්‍රදේශයේ රැඳී සිටින බව ගාසා තීරයෙන් පිට වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද දෙරණ සමග පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *