ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරාධනයෙන් කොල්ලුපිටිය කොමිෂන් සභා පරිශ්රයට ගිය අවස්ථාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු තමන්ට තර්ජනය කළ බවට මහජන කොමිසන් සභාවේ උප සභාපති උදේනි වික්රමසිංහ සහ සාමාජික මොහාන් සමරනායක කළ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා රැස්වීමකට.