ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පෙත්සමක් ගොනු කර තිබේ.

අද (29) නීතීඥයෙකු විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.

පසුගිය සතියේ (24) සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල විය.

සඳුදා (23) මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සමහර විනිසුරුවන් වගකිව යුතු බවයි.

“සමහර විනිසුරුවරු මේකේ වගකීම භාරගත යුතුයි, ඔවුන් මේ අපරාධකරුවන්ට එක දවසින් ඇප දෙනවා,” ඔහු පැවසීය.

පොදු දේපල පනත සහ පුරාවිද්‍යා පනත යටතේ ඇති නඩු සඳහා ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් බවත්, නමුත් මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙකු දැන් ඇප ලබා දෙමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින් අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ මාධ්‍ය හමුවට අදාළ මුල් වීඩියෝ පට ලබාගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මන්ත්‍රීවරයා අධිකරණයට මඩ ගහන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *