ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවා ටෙස්ට් තරගාවලිය ජය ගනී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මීර්පූර්හිදී අද නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ හෙයින් එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේය.

බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 365ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 506ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 29ක ඉලක්කයක් අවශ්‍ය විය.

ශ්‍රී ලංකාව ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කය කිසිවකු නොදැවී ලබා ගත්තේය.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගයේදී ලකුණු 144 කට කඩුලු 10 ක් දවාගනිමින් ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවාගත් 2 වැනි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්විය.

ඔහු කඩුලු 10ක් දවාගත් දෙවැනි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත්විය.

2001 වසරේ ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිව 1995 වසරේදී කඩුලු 10ක් දවා ගැනීමේ වාර්තාවක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චමින්ද වාස් සතුවේ.

මේ අතර බංග්ලාදේශය ටෙස්ට් තරගයකදී පිතිකරුවන් 9 දෙනෙකු දැවී ගිය තුන්වන කණ්ඩායමයි.

මීට පෙර අවස්ථා දෙක වන්නේ 1990 වසරේ චන්දිගාර්හිදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් සහ 2000 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල බ්‍රිස්බේන්හිදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *