ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියාව යෝජනා කරයි

ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීම හරහා ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව, නේපාලය, බංගලාදේශය ඇතුළු අසල්වැසි රටවල් රැසක විදේශීය සිසුන් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් අගෝස්තු 24 වැනි දින පෙරවරුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙම අදහස් පළ කළේ සමුළුවට එක්වෙමින් සිය දේශනය අතරතුරදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *